Home » ආදායම් බදු ‌‌‌‌ගෙවන අයට අද කළ විශේෂ දැනුම්දීම

ආදායම් බදු ‌‌‌‌ගෙවන අයට අද කළ විශේෂ දැනුම්දීම

by chanaka
November 30, 2024 9:38 am 0 comment

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය, සියලු ප්‍රාදේශීය සහ නගර කාර්යාල අද(30) දිනයේද විවෘතව තබන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මේ සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ 2023/2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය අද බව සදහන් කරමිනි.

එම වාර්තා මාර්ගගත ක්‍රමයට පමණක් ලබා ගන්නා අතර ඒ සඳහා තාක්ෂණික සහාය ලබා දීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය, ප්‍රාදේශීය හා නගර කාර්යාල සාමාන්‍ය රාජකාරී දිනයක් මෙන් අද දින විවෘතව පවති.

තවද, ආදායම් බදු ගෙවීම් සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ හා ජාවත්ත කාර්යාල පරිශ්‍රයේ පිහිටා ඇති ලංකා බැංකු ශාඛාවද විවෘතව තබන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT