Home » පළාත් පාලන මැතිවරණය ගැන අවසන් තීරණය ලබන සතියේ

පළාත් පාලන මැතිවරණය ගැන අවසන් තීරණය ලබන සතියේ

by chanaka
November 30, 2024 9:47 am 0 comment

පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවු නාමයෝජනා අවලංගු කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා තීරණාත්මක පක්ෂ නායක රැස්වීමක් ලබන සතියේදී පැවැත්වීමට නියමිතය.

සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල නායකයෝ සහභාගි වීමට නියමිත බව වාර්තා වේ.

එහිදී ගනු ලබන තීරණ මත පදනම්ව පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා සම්බන්ධයෙන් අවසාන එකඟතාවයකට එළැඹීමට නියමිත බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT