Home » අල්ලස් ගත් පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

අල්ලස් ගත් පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

by chanaka
November 30, 2024 9:27 am 0 comment

වායු සමීකරණ යන්ත්‍රයක් අල්ලස් වශයෙන් ලබාගැනීමට උත්සහ කළ පොලිස් පරීක්ෂකවරයෙක්ව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මීගමුව පොලිස් අධිකාරී කාර්යාලයේ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය තුළදී ය.

මෝටර් රථයක් උකස්කිරීම සම්බන්ධ ආරවුලක් සම්බන්ධ පැමිණිල්ලක් විසඳීමට අදාළ පොලිස් පරීක්ෂකවරයා රුපියල් 270,000 ක් වටිනා වායු සමීකරණ යන්ත්‍රයක් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, පැමිණිලිකරු ඊට අදාළ මුදල වෙළෙඳසැලක කළමනාකරුගේ ගිණුමට බැර කිරීමට උත්සහ කිරීමේදී ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT