186
තණමල්විල කුඩාඔය පරාක්‍රම පුර ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී නිදන් සොයා කැණීම් කළ කාන්තාවක් ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මෙම වටලීම සිදු කර තිබුණි.
දේවාලයක් පවත්වාගෙන යන මුවාවෙන් පෞද්ගලික ඉඩමක මෙම කැණීම් සිදු කර ඇත.
සැකකරුවන් සතුව තිබී කැණීම් සඳහා යොදාගත් උපකරණ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරුවන් එම ප්‍රදේශයේ ම පදිංචි පුද්ගලයන් වන අතර ඔවුන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් ඉදිරි විමර්ශන සිදු කරයි.