208
ගල්කිරියාගම වන ජීවී කලාපයට අයත් ඉඟුරු වැව ප්‍රදේශයේදී අනවසර විදුලි වැටක පැටළී දීඝදන්තු 1 හස්තියා මියයෑම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උපුල් ප්‍රියන්ත බණ්ඩාර නැමැති අයෙකි.
සැකකරු කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති අතර ඔහු ලබන මස 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට නියෝග කර ඇත.