Home » ළමා අපයෝජන පැමිණිලි 157ක් සහ ලිංගික අපරාධ 23ක් මුල් මාස හයේ වාර්තා වුණා

ළමා අපයෝජන පැමිණිලි 157ක් සහ ලිංගික අපරාධ 23ක් මුල් මාස හයේ වාර්තා වුණා

-ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

by sachintha
November 30, 2024 12:12 am 0 comment

මේ වසරේ මුල් මාස හය තුළදී පමණක් දරුවන් සම්බන්ධ බරපතළ ලිංගික අපයෝජන පිළිබඳව පැමිණිලි 157ක් හා ලිංගික අපරාධ පිළිබඳව පැමිණිලි 23ක්ද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී ඇති බව එම අධිකාරිය සඳහන් කරයි. එලෙස ලැබුණු පැමිණිලි පිළිබඳව කඩිනමින් විමර්ශනය කර ඊට එරෙහි නීති කෘත්‍ය ක්‍රියාත්මක වූ බවද දරුවන් මෙවැනි ලිංගික අපයෝජනවලින් බේරා ගැනීමේ ප්‍රමුඛ වගකීමක් මාපියන්ට, ගුරුවරුන් හා සමීප වැඩිහිටියන්ට ඇති බවද පෙන්වා දුන්හ. එහෙත් අවාසනාවකට දරුවන් එවැනි අපයෝජන හා හිංසන සඳහා ලක්වී ඇත්තේ එම පිරිස් අතින් බවද වැඩිදුරටත් පැහැදිලි කළහ.

නෙත්මි පූජනී රත්නායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT