Home » ට්‍රම්ප්​ගේ FBI නව අධ්‍යක්ෂ ධුරය ඉන්දියානුවෙක්ට

ට්‍රම්ප්​ගේ FBI නව අධ්‍යක්ෂ ධුරය ඉන්දියානුවෙක්ට

by chanaka
December 1, 2024 11:32 am 0 comment

ඇමරිකාවේ නව ජනාධිපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් FBI හි නව අධ්‍යක්ෂවරයා ලෙස ඉන්දියානු සම්භවයක් සහිත පෙන්ටගනයේ නිලධාරි කාෂ් පටෙල් නම් කර තිබේ.

ට්‍රම්ප්ගේ සමීපතමයෙකු කාෂ් පටෙල් එරට නීතිඥයෙක් ව​න අතර, ඔහු මේවන විට ට්‍රම්ප්ගේ යෝජිත නීතිපති පාම් බොන්ඩි යටතේ කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළදී රුසියානු විරෝධි ක්‍රියා කලාපය සම්බන්ධයෙන් කාෂ් පටෙල් ඇගැයීම​ට ද ලක්විය.

පළමු ට්‍රම්ප් පරිපාලනයේ හිටපු එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික ප්‍රධානියෙකු වන පටෙල්, පසුව රිපබ්ලිකන් ජනාධිපතිවරයාගේ ස්ථිර ආධාරකරුවෙක් බවට පත්ව තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT