‘ෆෙන්ගල්‘ සුළිකුණාටුවේ බලපෑමෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇත. ආපදා අවදානම හමුවේ පුද්ගලයින් 1,400ක පමණ පිරිසක් සහන කඳවුරු වෙත යොමු කිරිමට බලධාරීන් පියවර ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
තමිල්නාඩු ප්‍රාන්තයට පැය 36ක අඛණ්ඩ වර්ෂාපතනයක් ලැබී ඇති අතර එම වැසි තත්ත්වය මිලිමීටර් 560කි.
‘ෆෙන්ගල්‘ සුළිකුණාටුව අද අපුයම 02.00ට පමණ කරයිකාල් සහ මහාබලිපුරම් අතර තමිල්නාඩු වෙරළ තීරය හරහා රටට ඇතුළු වූ බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේය. එය නිරිත දිග ප්‍රදේශය දෙසට හමා යමින් පවතී.
පුදුචේරි නගරය ආශ්‍රිත ප්‍රදේශයට අඛණ්ඩව වර්ෂාපතනයත් සමඟ ගංවතුර තත්ත්වයක් හට ගෙන ඇත. ඉන්දීය කාලගුණ අංශ පවසන්නේ එම නගරයට වසර 30කට පසු ඇදහැලුණු වැඩිම වර්ෂාපතනය මෙය බවයි.
චෙන්නායි ගුවන් තොටුපළ යළි විවෘත කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති නමුත් බොහෝ ගුවන් ගමන් ප්‍රමාදයට සහ අවලංගු කිරීමට සිදුව ඇතැයි වාර්තාවේ.