කලාභූෂණ, සංගීත ආචාර්ය ලයනල් ගුණතිලක මහතා ඊයේ(30) රාත්‍රී අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට ඒ මහතා 91වැනි වියෙහි පසු විය.
කලාභූෂණ, සංගීත ආචාර්ය ලයනල් ගුණතිලක මහතා දේශීය නාට්‍ය කලාවට මෙන්ම නෘත්‍ය සංගීත ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් මහඟු මෙහෙවරක් ඉටු කළ කෘතහස්ත සංගීතවේදියෙකි.
වසර 40ක් බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස ටවර් හෝල් රඟහල පදනම සමඟ දේශීය කලාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ඒ මහතා ක්‍රියා කළේය. “කථා පෙට්ටියේ ගී“ ඇතුළු ග්රන්ථ රැසක් ද අනාගත පරපුරට දායාද කර තිබේ.
1933 ජනවාරි මස 06වැනිදා උපත ලද ඒ මහතා අධයාපනය හදාරණ ලද්දේ කෝට්ටේ ආනන්ද ශාස්ත්රාලයෙනි.
දේහය ඇඹුල්දෙණිය හංදිය පිහිටි නිවසේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු හෙට(02) සවස 5.00ට උඩහමුල්ල පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.