ගිනියාවේ දෙවන විශාලතම නගරය වන ඇන්සරිකෝ හි පැවති පාපන්දු තරඟයකදී රසිකයින් අතර ඇති වූ ගැටුමකින් 100 දෙනෙක් පමණ මියගොස් ඇතැයි AFP පුවත් සේවය වාර්තා කරයි.
කෙසේ නමුත් අදාළ ගැටුම හටගත්තේ කුමන හේතුවක් මතද යන්න අනාවරණයවී නොමැත.
ඇන්සරිකෝ හි රෝහල්වල මෘත ශරීරාගාරය එම මෘත ශරීර වලින් පිරී ඇති බව සදහන් වේ.
ගැටුමෙන් අනතුරුව ක්‍රීඩාංගණයේ මෙන්ම එහි පිටත වීදියේද පුද්ගලයින් මියගොස් සිටි බව පැවසේ. ඒ අනුව බොහෝ මළ සිරුරු බිම වැටී ඇති ආකාරය දක්නට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මෙම ගැටුමෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර එම සංඛ්‍යාව ගණන් බලා නොමැත.
පාපන්දු තරගයේ විනිසුරුගේ තීරණයකින් පසු රසිකයින් පිටිය ආක්‍රමණය කිරීමත් සමඟ මෙම ගැටුම ආරම්භ වී ඇතැයි වාර්තාවේ.
කෙසේ වෙතත් විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම තරගය 2021 වසරේ දී කුමන්ත්රණයකින් බලය අල්ලාගෙන ජනාධිපති ලෙස පත් කර ගත් ගිනියාවේ ජුන්ටා නායක මාමාඩි ඩොම්බුයා වෙනුවෙන් සංවිධානෙ කළ තරගයක් බවයි.