Home » ලොව ප්‍රීතිමත්ම රැකියා මෙන්න – ඔබේ රැකියාවත් ඒ අතර ද බලන්න

ලොව ප්‍රීතිමත්ම රැකියා මෙන්න – ඔබේ රැකියාවත් ඒ අතර ද බලන්න

by chanaka
December 2, 2024 12:26 pm 0 comment

ලොව ප්‍රීතිමත්ම රැකියා 19 සහ එම රැකියා ක්ෂේත්‍ර යටතේ හිමිවන වැටුප් පිළිබඳ නවතම වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

තමන් කැමති රැකියාවක් සහ ඊට සරිලන වැටුපක් යන කාරණා මත පදනම්ව මෙම අධ්‍යනය සිදු කර ඇති අතර Job Seek වේබ් අඩවි දත්ත මත මෙය පදනම් වී ඇත.

ප්‍රීතිමත්ම රැකියා ශ්‍රේණිගත කිරීමක් සහ ඔවුන් වසරකට කොපමණ මුදලක් උපයා ගත හැකිද යන්න ගැන මෙහිදි අනාවරණය වන අතර ලොව ප්‍රීතිමත්ම රැකියාව ලෙස නම් කර ඇත්තේ සංචාරක මාර්ගෝපදේශ රැකියාවයි.

එම ශ්‍රේණිගත කිරීමේ දෙවන තැනට නම් කර ඇත්තේ Event Planner තනතුර වන අතර ඔවුන් වසරකට සාමාන්‍යයෙන් ඩොලර් 73647ක් උපයන බව සදහන්වේ.

එම ශ්‍රේණිගත කිරීමේ තෙවන ස්ථානය Fashion Designer රැකියා ක්ශ්‍රේත්‍රය හිමිකරගෙන ඇති අතර ඔවුන් වාර්ෂිකව සාමාන්‍යයෙන් ඩොලර් 67669 ක් උපයන බව වාර්තා වේ.

Early childhood education රැකියාවන්හි නිරත වන්නන් සතුටින්ම රැකියා කරන 4 වන කාණ්ඩය වන අතර ඔවුන් වාර්ෂිකව ඩොලර් 69370ක් උපයන බව සඳහන්ය.

තවද සූපවේදීන්, කතූවරු, සමාජ මාධ්‍ය කළමණාකරුවන් ලොව සතුටින්ම රැකියා කරන පිරිස අතරට අයත්වේ.

1. Tour guide – $58,795
2. Event planner – $73,647.
3. Fashion designer – $67,669
4. Early childhood educator -$69,370.
5. Executive chef – $104,855.
6. Freelance writer – $83,936
7. Social media manager -$83,740.
8. Physiotherapist – $85,109
9. Consultant – $81,440
10. Interior designer – $84,343
11. Fitness instructor – $58,917
12. Support worker -$67,937
13. Photographer – $60,997

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT