Home » රටඉඳි වලින් හැදූ ලොව ප්‍රථම සිසිල් බීම වර්ගය මෙන්න

රටඉඳි වලින් හැදූ ලොව ප්‍රථම සිසිල් බීම වර්ගය මෙන්න

by chanaka
December 2, 2024 2:14 pm 0 comment

ජාත්‍යන්තර වෙළෙඳපල තුළ රැල්ලක් ඇති කිරීම අරමුණු කර ගනිමින් සෞදි අරාබියෙන් ‘මිලාෆ් කෝලා’( Milaf Cola ) නමින් කෝලා බීම වර්ගයක් හදුන්වා දෙයි.

රටඉඳි වලින් ලබාගත් විප්ලවීය සෞඛ්‍ය පානයක් වන “Milaf Cola” රසවත්, පෝෂ්‍යදායී විකල්පයක් සොයන සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන පාරිභෝගිකයින්ට මෙම උද්යෝගිමත් නව පානය අළුත් අත්දැකීමක් වනු ඇත.

එසේම මිලාෆ් කෝලා සම්පූර්ණයෙන්ම සීනිවලින් තොරවීම කැපී පෙනේ.

රටඉඳි වලින් සාදන ලද ලොව ප්‍රථම සිසිල් බීම ‘මිලාෆ් කෝලා’ ලෙස නම් කර ඇත.

මිලාෆ් කෝලා යනු ජාත්‍යන්තර ආහාර සුරක්ෂිතතාව සහ තත්ත්ව ප්‍රමිතීන් සපුරාලන බව සහතික කරමින් දැඩි පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිඵලයකින් හදුන්වා දෙන බීම වර්ගයකි.

සෞදි කෘෂිකර්ම අමාත්‍ය Abdulrahman Al-Fadley සහ Thurath Al-Madina සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Bander Al-Qahtani විසින් මෙම බීම වර්ගය එළිදැක්වීම සිදු කරන ලද්දේ රියාද් දින උත්සවයේදී ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT