ගංවතුර හේතුවෙන් හානියට පත්ව ඇති වගාවන් නැවත ආරම්භ කිරීමට අවශ්‍ය පූර්ණ සහාය ලබා දීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශය පියවර ගෙන තිබේ. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන්, කෘෂිකර්ම හා වාරිමාර්ග බලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවකදී ඇමැතිවරයා ඒ සඳහා උපදෙස් ලබාදී ඇත.
අයහපත් කාලගුණ තත්ත්වය නිසා වගා හානි වූ වී ගොවීන්ට බිත්තර වී ලබා දීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සලසා දීමට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කිරීමටත් මෙම සාකච්ඡාවේදී තීරණය වී තිබේ. කැඩී බිඳී ගිය වාරි පද්ධති වහාම පිළිසකර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කෘෂිකර්ම අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේ දී අදාළ නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.
බුද්ධිකා ඉඹුලාන