එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමය ගොඩනැඟීමේ කොමිසමට දෙවැනි වරටත් ඉන්දියාව ඇතුළත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම කොමිසමට දෙවැනි වරටත් ඉන්දියාව ඇතුළත් කර ඇත්තේ ගෝලීය සාම වැඩසටහන සඳහා ඉන්දියාවේ සක්‍රිය ක්‍රියාකාරීත්වය සැලකිල්ලට ගෙන බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එක්ස් සමාජ මාධ්‍යජාලයේ නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දීය නිත්‍ය නියෝජිතවරයා ප්‍රකාශ කර ඇත්තේ ගෝලීය සාමය හා තිරසරභාවය සඳහා ඉන්දියාව දක්වන සහයෝගය මත වසර 2025-2026 කාලසීමාව සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමය ගොඩනැඟීමේ කොමිසමට ඉන්දියාව ඇතුළත් කළ බවය.
ගෝලීය සාමය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපදේශක මණ්ඩලය ලෙස කටයුතු කරන සාමය ගොඩනැඟීමේ කොමිසමට රටවල් 31ක් ඇතුළත් වන බවත්, ඉන් සාමාජික රටවල් 7ක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විසින් නම් කරනු ලබන බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම සඳහා හමුදා සෙබළුන් සපයනු ලබන ප්‍රධානතම රටවල් 5ක් ද එම කොමිසමට ඇතුළත් වන බව වාර්තා වේ.