Home » මරණාසන්න රෝගීන්ට ජීවිත හැරයෑමට සහාය වීමේ පනත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි

මරණාසන්න රෝගීන්ට ජීවිත හැරයෑමට සහාය වීමේ පනත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි

by sachintha
December 3, 2024 1:37 am 0 comment

මාරාන්තික රෝගවලින් පීඩා විඳින පුද්ගලයන්ට දිවි අහිමි කරගැනීම සඳහා පනත් කෙටුම්පත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මාරාන්තික රෝගවලට ගොදුරුවීම හේතුවෙන් අවම ආයු කාලයක් ඉතිරිව ඇති බවට වෛද්‍ය නිර්දේශ ලැබූ පුද්ගලයන් සඳහා වන එම පනතට පක්ෂව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් 330 දෙනකු සිය ඡන්දය භාවිත කර ඇතැයි ද, තවත් මන්ත්‍රීවරු 275 දෙනකු ඊට විරුද්ධව ඡන්දය භාවිත කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

එම පනත් කෙටුම්පත සම්මත වීමත් නැවත පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීම සඳහා අවසර ලැබී ඇති බවත්, එම සංවේදී පනත තවදුරටත් මන්ත්‍රීවරු අතර විවාදයට ගැනීමෙන් පසු සංශෝධන ඇතුළත්ව ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබෙනු ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. කෙසේ වෙතත් එම පනත පොදු නිතියක් බවට පත්වීමට පෙර ඊට ඇතුළත් වගන්ති සහ කරුණු සම්බන්ධව පුළුල් විවාදයක් පැවැත්වෙනු ඇති අතර, රෝගීන්ගේ ස්වාධීනත්වයට ගරු කිරීම, පෞද්ගලික නිදහස, විනිවිදභාවය හා වගවීමේ ආචාර්ධර්ම ඇතුළු කරුණු ගණනාවක් කෙරෙහි අවධානය යොමු කළ යුතුව ඇති බැවින් ජනමත විමසුමක් සිදු කිරීමේ අවධානයක් ද යොමු වනු ඇතැයි වාර්තා වේ. එම පනත සම්මත වූ දිනයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිට රෝගීන් සහ ආබාධිත පුද්ගලයන් රැසක් ‘මරණයට අවසර දීම නොව ජීවත්වීමට සහාය ලබාදෙන‘ ලෙස නිහඬ විරෝධතාවක නිරත වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT