ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ විශාලතම කොකේන් තොගය අත්අඩංගුවට ගත් බව එරට ෆෙඩරල් පොලිසිය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ටොන් 2.3ක ප්‍රමාණයකින් යුතු එම කොකේන් තොගයේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 494ක් බවත්, එය සොයා ගනු ලැබුවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ වෙරළ තීරයේ සිට නෞකාවක් වෙත යාත්‍රා කරමින් තිබූ ධීවර බෝට්ටුවකින් බවත් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 10ක දුරින් මුහුදේදී වැටලූ ධීවර යාත්‍රාවේ සිටි පුද්ගලයන් 13 දෙනකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර, බාලවයස්කාර දරුවන් දෙදෙනකු ද ඒ අතර සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
යතුරුපැදි කල්ලියක් මේ ජාවාරම සිදු කරන බවට ලද තොරතුරු මත ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය මේ වැටලීම සිදුකර ඇත්තේ මාස ගණනාවක් පුරා විමර්ශන කටයුතු සිදු කිරීමෙන් පසුව බව ද වාර්තා වේ. අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමට පොලිසිය පියවර ගෙන ඇති අතර, වරදකරුවන් බව අධිකරණයේදී තීරණය වුවහොත් උපරිම දඬුවම ලෙස ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමවනු ඇතැයි ද වාර්තා වේ.