Tuesday, May 13, 2025
Home » ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සහ කථානායක අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සහ කථානායක අතර හමුවක්

by sachintha
December 3, 2024 1:51 am 0 comment

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ කථානායක අසෝක සපුමල් රන්වල මහතා අතර හමුවක් පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදු විය.

මේ හමුවේදී අභිනව කථානායකවරයාට සුබ පැතුම් එක්කළ ඉන්දීය මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගු කාලීන සබඳතාව පිළිබඳව සිහිපත් කළේය. එමෙන්ම දෙරටේ පාර්ලිමේන්තු අතර සබඳතා ශක්තිමත් කිරීමටත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය සඳහා හුවමාරු වැඩසටහන් කිරීමටත් අපේක්ෂා කරන බව ද ඉන්දීය මහකොමසාරිස්වරයා පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ කථානායකවරයා පැවසුවේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන බවත්, දසවැනි පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා – ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය පිහිටුවීමට පියවර ගන්නා බවත්ය.

දෙපාර්ශ්වය අතර පැවති මේ සුහද සාකච්ඡාවේදී ආර්ථික සහ වෙළෙඳ කටයුතු පිළිබඳව සහ තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීම ආදී දෙරටට වැදගත් වන කරුණු රැසක් පිළිබඳව අවධානය යොමු විය.

මේ අවස්ථාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද එක්ව සිටියාය.

ස්වර්ණා විජේකෝන් සහ සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT