Sunday, May 11, 2025
Home » හඳුනාගන්න මහජන සහාය පතයි

හඳුනාගන්න මහජන සහාය පතයි

by sachintha
December 3, 2024 1:41 am 0 comment

සොරකම් කරන ලද ATM කාඩ්පතක් භාවිතා කර සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කරනු ලබන සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතයි.

2024.08.21 වන දින බණ්ඩාරගම පොලිස් වසමේ බණ්ඩාරගම නගරයේදී සොරකම් කරන ලද ATM කාඩ්පතක් උපයෝගී කර ගනිමින් රුපියල් ලක්ෂ 02 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම මුදල් සොරකම සිදු කරන ලද බණ්ඩාරගම ATM යන්ත්‍රය පිහිටි කුටියේ ඇති සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමෙන් පසු සැකකරු හඳුනා ගැනීම සඳහා ඡායාරූපයක් පොලිසිය විසින් නිකුත් කර තිබේ. මොහු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

පොලිස් ස්ථානාධිපති – බණ්ඩාරගම , 071-8591681, ස්ථානාධිපති අපරාධ අංශය – බණ්ඩාරගම 071-8594267

රක්ෂණ ශ්‍රියන්ත බණ්ඩාරගම බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT