Wednesday, May 7, 2025
Home » විස්කම් ප්‍රභා-2024 නිර්මාණ ප්‍රදර්ශනය හා වෙළෙඳපොළ අදත්

විස්කම් ප්‍රභා-2024 නිර්මාණ ප්‍රදර්ශනය හා වෙළෙඳපොළ අදත්

by sachintha
December 3, 2024 1:36 am 0 comment

බස්නාහිර පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සංවිධාන කරන Òවිස්කම් ප්‍රභා – 2024Ó නිර්මාණ ප්‍රදර්ශනය හා වෙළෙඳ පොළ බස්නාහිර පළාත් සභා සංකීර්ණ බිම් මහලේදී අදත් (03) පැවැත්වේ.බස්නාහිර පළාත් මාර්ග,ප්‍රවාහන,සමුපකාර සංවර්ධන හා වෙළෙඳ, නිවාස හා ඉදිකිරීම්, වතු යටිතල පහසුකම්,කර්මාන්ත හා ග්‍රාම සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේ නිර්මාණ ප්‍රදර්ශනය හා වෙළෙඳ පොළ ඊයේ (02) බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් හා බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ධම්මිකා කේ.විජේසිංහ මහත්මිය ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ විය.

ග්‍රාමීය කාන්තා පුහුණු මධ්‍යස්ථානයේ කතුන්ගේ දෑතින් නිමවූ ඉතා මනරම් නිර්මාණ මේ ප්‍රදර්ශනයේ ඇති අතර ඔවුන්ගේ නිර්මාණ ඉතාමත් සාධාරණ මිල ගණන්වලට මිලදී ගැනීමේ හැකියාව ද පවතී.

සෑම මසකට වරක්ම බස්නාහිර පළාත් සභා ගොඩනැඟිල්ලේ මෙවැනි නිර්මාණ ප්‍රදර්ශනයක් හා වෙළෙඳ පොළක් පැවැත්වීමට ග්‍රාමීය කාන්තා පුහුණු මධ්‍යස්ථානයේ නිර්මාණකරුවන්ට බස්නාහිර පළාත් සභාව අවසර ලබා දී තිබෙන අතර නිර්මාණකරුවන්ට තමන්ගේ නිර්මාණ අලෙවි කරගැනීම සඳහා නිශ්චිත ස්ථානයක් ලබාදීමට බස්නාහිර පළාත් සභාව මේ වන විටත් අවශ්‍ය සැලසුම් සකස් කර තිබේ.

මැද කොළඹ සමූහ – ආරියරත්න ගනේගොඩ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT