සබරගමු පළාත් සමුපකාර දිරි ඇගයුම් සම්මාන උලෙළේ දී කහවත්ත, මාදම්පේ පනාවල සිරි ධම්මානන්ද සණස සමිතියට රන් සම්මානය හිමිවිය. මෙහිදී 1988 වසරේ ලියාපදිංචි වෙමින් වසර 35ක් මුළුල්ලේ සාමාජිකයන් 5,000කට වැඩි පිරිසකට සාමාජිකත්වය ලබා දෙමින් ජනතා සුබසිද්ධියට කැපවෙමින්, පරිසාධන මට්ටම ඉහළින්ම ඉක්මවූ සමුපකාර ණය දෙන සමිතිය ලෙස පනාවල සිරිධම්මානන්ද සණස සමිතිය සබරගමුව පළාතේ රත්න රන් සම්මානය හිමි කර ගැනීමට මෙහිදී සමත් විය. 102 වැනි ජාත්‍යන්තර සමුපකාර දිනයට සමගාමීව සබරගමුව පළාත තුළ විවිධ සේවා සමුපකාර සමිති 23 සහ සමුපකාර සමිති 600ක් අතරින් පරිසාධන මට්ටම ඉක්මවූ සමිති 62ක් වෙනුවෙන් සම්මාන හා සහතිකපත් ප්‍රදානය සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රත්නපුරයේදී පැවැත්විණි. පනාවල සිරි ධම්මානන්ද සණස සමිතිය, රත්නපුර දිස්ත්‍රික්කයේ සණස සමිති අතරින් හිමි කරගත් රන් සම්මානය, එහි සභාපති ආර්.එස්. ගොඩගේ, සාමාන්‍යාධිකාරි තරිඳු සංජය, ලේකම් සුජිත් යන මහත්වරුන් විසින් සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය සහ සබරගමුව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා අතින් ලබාගත් අවස්ථාව මෙහි දැක්වේ.
කහවත්ත – ලසන්ත නිරෝෂණ පෙරේරා