Tuesday, May 13, 2025
Home » අත්තනගල්ල ප්‍රාදේශීය සභා කාර්ය මණ්ඩලයේ 12කට උපහාර

අත්තනගල්ල ප්‍රාදේශීය සභා කාර්ය මණ්ඩලයේ 12කට උපහාර

-රුවන් අසංග ජයසේකර මහතාට උපහාර තිළිණය පිරිනැමූ අයුරු

by sachintha
December 3, 2024 1:46 am 0 comment

අත්තනගල්ල ප්‍රාදේශීය සභා කාර්ය මණ්ඩලයේ තෝරාගත් 12දෙනකු ඇගයීමට ලක් කර ඔවුන්ට සහතික පත්‍ර සහ උපහාර තිළිණ ප්‍රදානය කිරීමේ උත්සවයක් ගම්පහ දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමසාරිස් එන්.බී.ආර්.වී. ප්‍රනාන්දු මහත්මියගේ ප්‍රධානත්වයෙන් වේයන්ගොඩ අනුර බණ්ඩාරනායක රංග ශාලාවේදී ඉකුත් 27 වැනිදා පැවැත්විණි.

අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ අත්තනගල්ල, ඌරාපොළ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ කාර්ය භාර වෛද්‍ය නිලධාරි එච්.පී.එස්. හේමචන්ද්‍ර මහතාගේ විශේෂ කැපවීම අගය කරමින් එම වෛද්‍ය නිලධාරිවරයාට සහ සමස්ත ලංකා සහ ජාත්‍යන්තර ක්‍රීඩා තරග කිහිපයකින් ජයග්‍රහණය හිමිකරගෙන අත්තනගල්ල ප්‍රාදේශීය සභාවට කීර්තියක් ලබා දුන් ප්‍රාදේශීය සභාවේ රියැදුරු අංශයේ සේවයේ නියුතු රුවන් අසංග ජයසේකර මහතාට මෙහිදී විශේෂ කුසලතා සහතික පිරිනැමිණි. ඒ.යූ. දීපාල් රංගකුමාර (විදුලි අංශය), ඩී. වල්ලිඅම්මා (සෞඛ්‍ය අංශය), ආර්.පී. හර්ෂ මධුසංඛ (රියැදුරු අංශය), ඒ.පී. අතුල ප්‍රසාද් (සෞඛ්‍ය අංශය), ආර්.බී. සුමුදු චමීර (ආදායම් අංශය), තිළිණ මධුශංඛ වීරසිංහ (ගිණුම් අංශය), ආර්.ඒ. ලක්මාල් ගීත් රණතුංග (ආදායම් අංශය), එල්.ඒ. ප්‍රියන්ත සම්පත් (ප්‍රජා අංශය), ඊ.ඒ.ඩී.ඩී. එදිරිසිංහ (කර්මාන්ත අංශය), කේ. සෙල්වඊශ්වරී (සෞඛ්‍ය අංශය) යන මහත්ම මහත්මීන් උපහාර ලත් සෙසු දස දෙනා වෙයි. අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ ලේකම් කේ.ඒ. උපුල් රංජිත් මහතාගේ යෝජනාවකට අනුව මෙම උපහාර පිදීම සිදුකෙරුණු අතර මෙම අවස්ථාවට ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරි සරත් අරුණ ශාන්ත වීරක්කොඩි මහතා ඇතුළු එහි ඉහළ කළමනාකාරී පිරිස ද ආරාධිත රාජ්‍ය නිලධාරීහු කිහිපදෙනකු ද ඇතුළු පිරිසක් සහභාගි වූහ.

අත්තනගල්ල සමූහ – උපාලි විජිත කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT