රත්නපුර, පුස්සැල්ල පිහිටි සබරගමු පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන බව සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය ඉකුත් 29 වැනිදා පැවසුවාය. ඒ මහත්මිය මේ බව කීවේ එදින එම මධ්‍යස්ථානය නිරීක්ෂණයට එක් වෙමිනි. මෙම මධ්‍යස්ථානය වර්ෂ 1957 දී ග්‍රාම සංවර්ධන පුහුණු මධ්‍යස්ථානයක් ලෙස රජය මඟින් පවත්වාගෙන ගොස් ඇති අතර 1988 වසරේ දී පළාත් සභා ක්‍රමය ස්ථාපිත වීමත් සමඟ සබරගමු පළාත් සභාව වෙත මෙහි පාලනය භාර දී ඇත. පසුව 2007 වසරේ දී පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය වෙත පවරාගෙන සංවර්ධනය කර ඇති අතර මේ වනවිට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පුහුණු සැසි සඳහා මෙය භාවිත කෙරේ. දැනට මෙම මධ්‍යස්ථානය සතුව පරිගණක 40කින් සමන්විත පරිගණක පුහුණු මධ්‍යස්ථානයක්, ආසන 100, 50, 30, 35 ලෙස ශ්‍රවණාගාර 4ක් 60දෙනකුට නේවාසික පහසුකම් ලබා දිය හැකි නේවාසිකාගාරයක්, ආසන 100කින් සමන්විත භෝජනාගාරයක් ද පවතී. මේ වන විට ඉදිවෙමින් පවතින නව ගොඩනැඟිලි සංකීර්ණයේ 100 දෙනකුට නේවාසිකාගාර පහසුකම් පවතින අතර එය නව පරිගණක විද්‍යාගාරයක් හා ශ්‍රවණාගාරයකින් සමන්විතය. ඒ සඳහා රුපියල් මිලියන 100ක් ලබා දී තිබේ. මෙම අවස්ථාවට සබරගමු පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
බෙලිහුල්ඔය සමූහ – සමන්තා කංකානම්ගේ