38
බස්නාහිර පළාත් කර්මාන්ත අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යනු ලබන පේෂකර්ම මධ්‍යස්ථාන 52 තුළ නිෂ්පාදිත රෙදි උපයෝගී කරගෙන කඩවත හා මීගමුව නගරයන්හි ආරම්භ කර ඇති ඇඟලුම් කර්මාන්තශාලා දෙකෙහි ඇඳුම් නිෂ්පාදනය කරන අතර ඒ හරහා සාරි හැට්ට, චීත්ත, කමිස, ඇඳ ඇතිරිලි, ගවුම්, තුවා, කොට්ට උර ආදිය නිෂ්පාදනය කරනු ලබයි. සම්පූර්ණයෙන්ම කපු නූල් උපයෝගී කරගෙන කරනු ලබන මෙම නිෂ්පාදන අලෙවි කරනුයේ රජයේ කාර්යාලවලට ගෙන ගොස් සේවක මහත්ම මහත්මීන්ගේ මාස හයක් තුළ අය කර ගන්නා පදනම යටතේය. ඒ අනුව දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමිය තුළ එම නිෂ්පාදන අලෙවි කළ අයුරු මෙහි දැක්වේ.
කිරිඳිවැල සමූහ – ජී.එස්. තැලිගම