31
මෙවර ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වීමට ප්‍රථම, ශ්‍රී පාදස්ථානය හා ප්‍රධාන විහාරස්ථානවල නොමිලේ තීන්ත ආලේප කර වර්ණවත් කිරීමේ සද්ක්‍රියාව, වග ඉරිදාපොළ පුංචි කන්ද දේවාලයේ එච්. සරත් කුමාර ප්‍රධාන කපු මහතා ඇතුළු දායක පිරිස විසින් මෙවරත් ආරම්භ කරනු ලැබ තිබේ. හැටන් මාර්ගයේ නල්ලතන්නිය ප්‍රධාන විහාරස්ථානයේ සහ දෙපස ඇති බුදුරුවවලත්, සීත ගඟුල, ඉඳිකටුපහන හා උඩමලුව යන ස්ථානවලත් ඔවුහු මෙලෙස තීන්ත ආලේප කර වර්ණවත් කිරීම සිදු කළහ. වසර 8ක් පුරා නොකඩවා එච්. සරත් කුමාර ප්‍රධාන කපු මහතා ඇතුළු දායක පිරිස විසින් මෙම සද්කාරය සිදු කරනු ලබයි.
පාදුක්ක සමූහ – රෙක්සි වෙත්තසිංහ