Tuesday, May 13, 2025
Home » හදිසි ගින්නෙන් ආපණශාලාවක් විනාශයි

හදිසි ගින්නෙන් ආපණශාලාවක් විනාශයි

by sachintha
December 3, 2024 1:51 am 0 comment

කොහුවල – බොරලැස්ගමුව ප්‍රධාන මාර්ගයේ පැපිලියාන හන්දියේ ආපණශාලා පරිශ්‍රයක පෙරේදා (01) පස්වරු 4.00ට පමණ ඇතිවූ හදිසි ගින්නකින් එහි දේපොළ සියල්ල විනාශ වී ගොස් ඇත. මෙම ගින්න ඇති වූ සැණින් පැමිණි දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව, ගිනි නිවීමේ රථ දෙකක් සමඟ පැමිණ අසල්වාසීන් හා එකතු වී ගින්න පාලනය කිරීම නිසා අසල නිවාස හා වෙළෙඳසල්වලට ගින්න පැතිර ගොස් සිදු වීමට තිබූ විශාල විනාශය වළකා ගැනීමට හැකි වී තිබේ. මෙහි ආහාර පිසින එළිමහන් ආවරණයේ තිබූ ගෑස් සිලින්ඩරයක ඇති වූ මෙම ගින්න නිසා පොල්අතු සෙවිලි වහල හා ඇතුළත දේපොළ දැවී ගොස්‌ ඇති අතර කිසිවකුටත් තුවාල සිදු වී නොමැත. වැඩිදුර පරීක්ෂණ කොහුවල පොලිසිය හා ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව එකතුව සිදු කරගෙන යනු ලබයි.

දෙහිවල – ඩී.පී. හේරත්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT