Sunday, May 11, 2025
Home » රූබික් කැට 1200න් හැදූ ජනපති රුව – ලෝක වාර්තාවකුත් තියයි

රූබික් කැට 1200න් හැදූ ජනපති රුව – ලෝක වාර්තාවකුත් තියයි

by chanaka
December 4, 2024 9:34 am 0 comment

සස්නුල සෙහන්ස ලක්මාල් සිසුවා විසින් රූබික් කැට 1200 ක් යොදා ගනිමින් පැය 3යි මිනිත්තු 13 යි තත්පර 7 ක කාලයක් තුළදී ,ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව නිර්මාණය කර ලෝක වාර්තාවක් පිහිටුවා ඇත.

මේ දරුවා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අයත් ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවෙහි 9 වන ඒකකයට අයත් සැරයන් එච්. ඩි. ටි. ලක්මාල් මහතාගේ වයස අවුරුදු 12 වන වැඩිමහල් පුතණුවන් වේ.

මෙම ලෝක වාර්තාව ඊයේ(03) යක්කල ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදාවට අයත් රණවිරු ඇපරල් පිහිනුම් තටාකාංගන පරිශ්‍රයේදි පිහිටුන ලදී.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT