Thursday, May 15, 2025
Home » මහාචාර්ය පූජිත වික්‍රමසිංහට ‘විශිෂ්ටතම ආසියානු ළමා රෝග විශේෂඥයා’ සම්මානය

මහාචාර්ය පූජිත වික්‍රමසිංහට ‘විශිෂ්ටතම ආසියානු ළමා රෝග විශේෂඥයා’ සම්මානය

by chanaka
December 4, 2024 10:01 am 0 comment

කොළඹ විශ්වවිද්‍යාලයේ ළමා රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සහ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ගෞරවනීය ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා, ආසියා පැසිෆික් ළමා රෝග සංගමය (Asia Pacific Paediatric Association) විසින් පිරිනමන කීර්තිමත් ආසියානු ළමා රෝග විශේෂඥ සම්මානයෙන් පිදුම් ලබයි.

2024 නොවැම්බර් 16 වැනිදා පිලිපීනයේ සෙබු නගරයේදී පැවැත්වුණු ළමා රෝග පිළිබඳ 18 වැනි ආසියා ශාන්තිකර සමුළුවේදී ඔහුට මෙම ගෞරවනීය සම්මානය පුද කරන ලදී.

ආසියානු පැසිෆික් කලාපය තුළ ළමා සෞඛ්‍ය සහ යහපැවැත්ම වැඩිදියුණු කරන ළමා රෝග ක්ෂේත්‍රයට සුවිශේෂ දායකත්වයක් පිරිනැමීම උදෙසා විශිෂ්ට ආසියානු ළමා රෝග විශේෂඥ සම්මානය පිරිනමයි. මහාචාර්ය වික්‍රමසිංහ මහතා මෙම සම්මානයට පාත්‍ර වී ඇත්තේ ළමා සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම සඳහා වූ ඔහුගේ නොසැලෙන කැපවීම සහ ළමා රෝග පෝෂණය සහ මහජන සෞඛ්‍ය පිළිබඳ ඔහුගේ පුළුල් පර්යේෂණ මෙහෙවර උදෙසාය.

සායනික පුහුණුව සහ ශාස්ත්‍රීය ක්ෂ්ත්‍රයේ වසර විස්සකට වැඩි පළපුරුද්දක් ඇති මහාචාර්ය පූජිත වික්‍රමසිංහගේ කාර්යභාරය හරහා ළමා රෝග ක්ෂේත්‍රයට සිදුවන බලපෑම ශ්‍රී ලංකාවෙන් ඔබ්බටද විහිදෙයි. WHO, UNICEF, FAO වැනි එක්සත් ජාතීන්ගේ සංවිධාන සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන සමගද ගෝලීය සෞඛ්‍ය මුලපිරීම් සඳහා ඔහු ප්‍රධාන කාර්යභාරයක් ඉටුකර ඇත. ළමා සෞඛ්‍ය අයිතීන් වෙනුවෙන් පෙනීසිටීම සහ කලාපයේ දැවෙන සෞඛ්‍ය ගැටලු ආමන්ත්‍රණය කරන සහයෝගිතා පර්යේෂණ ව්‍යාපෘතිවල නිරත වීමද ඔහුගේ කාර්යභාරයේ එක් කොටසකි.

ඔහුගේ සායනික හා පර්යේෂණ කටයුතුවලට අමතරව අනාගත සෞඛ්‍ය සේවා වෘත්තිකයන් දැනුවත් කිරීම උදෙසා ඔහුගේ කැපවීම සම්බන්ධයෙන් මහාචාර්ය වික්‍රමසිංහ සමාජයෙහි ප්‍රකට වී ඇත. ඔහුගේ උපදේශනය අසංඛ්‍යාත සිසුන්ට සහ තරුණ වෛද්‍යවරුන්ට ආශ්වාදයක් ලබාදී ඇති අතර, ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා කැපවී සිටින නව පරම්පරාවක් පෝෂණය කර ඇත.

‘මෙම සම්මානය මට ලැබීම ඇදහිය නොහැකි ගෞරවයක්. මෙම ඇගයීම පිළිබඳ මම බෙහෙවින් කෘතඥ වෙනවා’ යැයි මහාචාර්ය වික්‍රමසිංහ ප්‍රකාශ කළේය. ‘මෙම ජයග්‍රහණය පිළිබිඹු කරන්නේ මගේ උත්සාහය පමණක් නොව, මගේ ගුරුවරුන්ගෙන් මට ලැබුණු උපදේශකත්වය, වෙහෙස මහන්සි වී වැඩකිරීම, මගේ සගයන්ගේ සහයෝගිතාව සහ මගේ ආයතනයේ හා පවුලේ අයගේ සහයෝගයයි’ යනුවෙන් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

මහාචර්ය පූජිත වික්‍රමසිංහ මෙම ගෞරවනීය සම්මානය පිළිගන්නා අතර, ඔහු දරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල් සඳහා සෞඛ්‍ය සේවාව වැඩිදියුණු කිරීමේ මෙහෙවරෙහි නොසැලී සිටියි. සෞඛ්‍යසම්පන්න අනාගත පරම්පරාවක් පෝෂණය කිරීම සඳහා ඔහුගේ කැපවීම, ආසියා පැසිෆික් කලාපය පුරා ළමා වෛද්‍ය විද්‍යාවේ ප්‍රමුඛ චරිතයක් ලෙස ඔහුව ස්ථානගත කරයි.
මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතාගේ පිළිගැනීම, ළමා රෝග ක්ෂේත්‍රයේ සිදුකෙරෙන වැදගත් කාර්යබාරයක් මෙන්ම දේශීය හා ගෝලීය වශයෙන් ළමා සෞඛ්‍ය සඳහා අඛණ්ඩව කැපවීමේ අවශ්‍යතාව සිහිපත් කිරීමක් ලෙස සැලකෙයි. ශ්‍රී ලංකාවේ සහ ඉන් ඔබ්බෙහි දරුවන්ගේ ජීවිත වැඩිදියුණු කිරීම සඳහා ඔහුගේ අඛණ්ඩ දායකත්වය සහ නායකත්වය ප්‍රජාව අපේක්ෂා කරන්නෙහිය.

මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ආදි සිසුවෙකි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT