Home » සොරාගත් වත්කම් යළි අය කිරීමට අලුත් පනත් කෙටුම්පත් 03ක්

සොරාගත් වත්කම් යළි අය කිරීමට අලුත් පනත් කෙටුම්පත් 03ක්

by chanaka
December 4, 2024 12:47 pm 0 comment

සොරාගත් වත්කම් අයකර ගැනීමට ඉදිරි කාර්තුවේදී නව පනත් කෙටුම්පත් 03ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ පිළිබඳව ප්‍රකාශකර සිටියේ අද (04) පාර්ලිමේන්තු සැසිවාරය අමතමිනි.

සොරාගත් වත්කම් අයකර ගැනීම, මූල්‍ය අපරාධ වැලැක්වීම, ණයහිමියන් සහ ණය ගැතියන් ආරක්ෂා කිරීම අරමුණු කරගත් අපරාධ පිළිබඳ පනත් කෙටුම්පත, මුදාගැනීමේ, පුනරුත්ථාපනය සහ බංකොලොත්භාවය පිළිබඳ පනත් කෙටුම්පත සහ විගණන පනත් සංශෝධන ඉදිරි කාර්තුවේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT