Sunday, May 11, 2025
Home » සංක්‍රාන්ති ලිංගික තරුණියක් වසරේ නිරූපිකා සම්මානය දිනයි

සංක්‍රාන්ති ලිංගික තරුණියක් වසරේ නිරූපිකා සම්මානය දිනයි

by sachintha
December 4, 2024 2:13 am 0 comment

ජාත්‍යන්තර මෝස්තර නිරූපණ ඉතිහාසයේ සංක්‍රාන්ති ලිංගික තරුණියක් පළමුවරට වසරේ නිරූපිකාවට හිමි සම්මානය දිනාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 21 හැවිරිදි ඇලෙක්ස් කොන්සානි නමැති මේ අමෙරිකානු ජාතික තරුණිය පසුගියදා බ්‍රිතාන්‍ය විලාසිතා කවුන්සිලයේ පසුගිය විලාසිතා සම්මාන උලෙළේදී එම සම්මානයට පාත්‍ර වී ඇති අතර, එම ජයග්‍රහණයත් සමඟ ඇයට වික්ටෝරියා සීක්‍රට් සහ බර්බරි වැනි ‍ලෝක ප්‍රකට සන්නාම සමඟ කටයුතු කිරීමේ අවස්ථාව ද හිමිවූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

දශක ගණනාවක් පුරා කාන්තා ආධිපත්‍යයට නතුවී තිබූ ගෝලීය මෝස්තර නිරූපණ ක්ෂේත්‍රය තුළ සංක්‍රාන්ති ලිංගික තරුණියන්ට ද අවස්ථාව හිමිවීම ජයග්‍රහණයක් බව සම්මානය දිනා ගැනීමෙන් පසු ඇලෙක්ස් කොන්සානි ප්‍රකාශ කර ඇති අතර, සාම්ප්‍රදායික නිරූපණයෙන් ඔබ්බට ගොස් ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කර ගැනීමට ඉදිරියේදී ලොව පුරා සියලු සංක්‍රාන්ති ලිංගික තරුණියන්ට අවස්ථාව හිමිවනු ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT