Home » දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙක් අත්අඩංගුවට

දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙක් අත්අඩංගුවට

by chanaka
December 4, 2024 10:46 am 0 comment

හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනකු ක්‍රිකට් තරග පාවාදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගෙන ඇත.

ලොන්වබෝ ටෝස්ට්, තාමී සොලෙකිල් හා එති බලාටි යන ක්‍රීඩකයන් මෙසේ අත්අඩංගුවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2015-16 රැම් ස්ලෑම් විස්සයි 20 අභියෝගතා තරඟයේ දී මෙම සිද්ධිය සිදුව ඇති බව සදහන් වේ.

ඒ අනුව වසර අටකට පමණ පසු දකුණු අප්‍රිකා අපරාධ විමර්ශන අධ්‍යක්ෂ මණ්ඩලය මෙලෙස මුදල් ලබාගෙන තරග පාවාදීමට සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ක්‍රීඩකයින් තිදෙනා අවස්ථා තුනකදී තරග පාවාදී ඇති බව හෙළිව තිබේ.

කෙසේ නමුත් කුමන්ත්‍රණකරුවන්ගේ සැලසුම් ව්‍යර්ථ වූ බැවින් අවසානයේ කිසිදු තරගයකට බලපෑමක් සිදු නොවූ බව දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය (CSA) පැහැදිලි කර ඇත. නමුත් මෙම අපකීර්තිය දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩාවේ අඛණ්ඩතාවයට බලපෑමක් වී ඇතැයි ද සදහන් වේ.

ප්‍රිටෝරියා විශේෂ වාණිජ අපරාධ අධිකරණයේ පෙනීසිටීමෙන් පසුව බලාටිට එරෙහි නඩුව ලබන පෙබරවාරි 20වැනි දිනට කල් තබා ඇත. අනෙක් දෙදෙනාට අල්ලස් පනත යටතේ නඩු විභාගයක් පැවැත්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT