Sunday, May 11, 2025
Home » එක්ස්ප්‍රස් පර්ල් තොරතුරු ඇතුලත් දත්ත පද්ධතිය හා ඊමේල් හිතාමතා මකලා

එක්ස්ප්‍රස් පර්ල් තොරතුරු ඇතුලත් දත්ත පද්ධතිය හා ඊමේල් හිතාමතා මකලා

by chanaka
December 4, 2024 9:24 am 0 comment

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ මධ්‍ය ගබඩාව මාස හතරක් තිස්සේ අක්‍රියාව පවතින බැවින් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තොරතුරු ඇතුලත් දත්ත පද්ධතිය හා ඊමේල් හිතාමතා මකා දමා ඇත්තේ කවුරුන්ද යන්න පිළිබඳව විශේෂඥ වාර්තාව ලබාදීමට කල්ගතවන බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණයට දැනුම් දී ඇත.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ මධ්‍යම තොරතුරු ගබඩාව යළි ප්‍රතිස්ථාපනය කිරීමට අවම වශයෙන් තවත් මාස තුනක පමණ කාලයක් ගතවනු ඇති බව සොලිස්ටර් ජනරාල් වරයා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා වෙත ඊයේ (03) තවදුරටත් දැනුම් දී තිබේ.

මෙම පරිගණක දත්ත ගබඩාව යළි ප්‍රතිස්ථාපනය කිරීමට රුපියල් එක්කෝටි විසි එක් ලක්ෂයකට අධික මුදලක් වැය වෙන බවද සොලිස්ටර් ජනරාල් වරයා දන්වා ඇත.

ලෝකයේ හා දකුණු ආසියාවේ දරුණුතම හා විශාලතම සමුද්‍ර දූෂණය සිදුකරමින් මෙරට මුහුදේ 2021 05 19 දින ගිනිගැනීමට ලක්වූ එක්ප්‍ර්ස් පර්ල් නැවේ දත්ත පද්ධතිය හා ඊමේල් පණිවුඩ විශාල ප්‍රමාණයක් නැව ගිනිගැනීමෙන් පසුව හිතා මතාම මකා දමා ඇති බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා වැඩිදුරටත් අධිකරණය වෙත දැනුම් දී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT