Home » මෝටර් රිය දුම්රියේ ගැටී එකම පවුලේ 4ක් රෝහලට

මෝටර් රිය දුම්රියේ ගැටී එකම පවුලේ 4ක් රෝහලට

by chanaka
December 4, 2024 12:39 pm 0 comment

මාගාල්ල ශ්‍රි සුධර්මාරාම විහාරස්ථානය අසල දුම්රිය හරස් මාර්ගයේ දි ගාල්ල සිට බෙලිඅත්ත බලාධාවනය වෙමින් තිබු දුම්රියක කාර් රථයක් ගැටිමෙන් කාර් රථයේ ගමන්ගත් එකම පවුලේ සිව් දෙනෙකු සුළු තුවාල ලබා කරාපිටිය ජාතික රෝහලට ඇතුළත් කල බව කරාපිටිය රෝහල් පොලිසිය පවසයි.

මාගාල්ල කච්චුවත්ත විහාරස්ථානයේ පැවති පුජාවකට සහභාගිවිමට ඊයේ (03) රාත්‍රී මොවුන් මෝටර් රථයකින් යමින් සිටියදි මෙම අනතුරට ලක්ව ඇත.

මෙම අනතුරෙන් අඹුසැමි යුවළක් සහ ඔවුන්ගේ දරු දෙදෙනා තුවාල ලබා ඇති බවද රෝහල් පොලිසිය පවසයි.මොවුන් ගාල්ල කිතුලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

අඹුසැමි යුවළ වයස අවුරුදු 42,හැවිරිදි වියේ පසුවන අතර දරු දෙදෙනා වයස අවුරුදු 10, හා 08 වැනි වියේ පසු වෙති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT