Home » MERRY CHRISTMAS හෙට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී

MERRY CHRISTMAS හෙට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී

by sachintha
December 4, 2024 2:36 am 0 comment

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, පොලිස් මාධ්‍ය කොට්ඨාසය මාසිකව සංවිධාන කරන ‘විශ්ව සම්භාව්‍ය සිනමා දැක්ම ‘යටතේ ඉන්දීය සිනමාකරු ශ්‍රී රාම් රාගවාන් අධ්‍යක්ෂණය කළ MERRY CHRISTMAS චිත්‍රපටය හෙට (05) උදේ 9.00ට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී තිරගත කෙරේ. ත්‍රිවිධ හමුදාවේ සහ පොලිස් නිලධාරීන්ගේ චිත්ත ධෛර්යය සහ මානසික සංවර්ධනය වෙනුවෙන් මාසිකව මේ සිනමා දැක්ම පැවැත්වේ. මේ සිනමා නිර්මාණය පිළිබඳ විද්වත් දෙසුම ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ආචාර්ය හර්ෂ බී. අබේකෝන් මහතා විසින් සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT