1.1K
ලොව රූමත් කාන්තාව තේරීම සඳහා 9 වැනි වරටත් පැවැති ‘විශ්ව කාන්තාව’ තරගයේ කිරුළ දිනා ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිලිපීන සම්භවයක් සහිත කාන්තාවක වන පර්ල් ඩෙල්ෆිනෝ ඇලෙජැන්ඩ්‍රියා සමත් වූ අතර, දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ ශෙහානි උමල්ෂා දිනාගත් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
රටවල් 25ක තරගකාරිනියන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා පිලිපීනයේ පැවති විශ්ව කාන්තාව තේරීමේ තරගයේ තුන්වැනි ස්ථානය නවසීලන්තයේ ඉන්දීය සම්භවයක් සහිත කාම්නි රෙඩ්ඩි දිනාගත් බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.