Home » එළවළු තොග මිල පහළට

එළවළු තොග මිල පහළට

by sachintha
December 4, 2024 3:49 am 0 comment

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ඉකුත් දින කිහිපයට සාපේක්ෂව ඊයේ (03) බෝංචි හැර අනෙකුත් එළවළු වර්ගවල තොග මිල පහත වැටී ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ නියෝජිතයෝ පවසති.

දඹුල්ල ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ ඊයේ (03) උදෑසන බෝංචි කිලෝවක තොග මිල රුපියල් 650ත් – 700ත් අතර ඉහළ අගයකට අලෙවි වූ බව වෙළෙන්දෝ පෙන්වා දෙති.

එමෙන්ම මෙදින බෝංචි වෙළෙඳපළට ලැබීම ඉතාමත් සීමිත ප්‍රමාණයක් වීම නිසාවෙන් මිල ඉහළ යෑම සිදුවන බවත් එළවළු බහුතරයක ගුණාත්මක තත්ත්වය පහළ වැටීම නිසා අනෙකුත් එළවළු මිල පහත වැටීම සිදුවන බවත් ඔවුහු අවධාරණය කරති.

ඉකුත් දිනවල ඉහළ මිල ගණන් යටතේ අලෙවි වූ අමු මිරිස් කිලෝව ඊයේ (03) රුපියල් 150ත් – 200ත් අතර පහත වැටී තිබිණි. රුපියල් 300ත් – 350ත් අතර මිලකට අලෙවි වූ තක්කාලි කිලෝවක මිල වූයේ රුපියල් 150ත් – 200ත්ය. වට්ටක්කා කිලෝව රුපියල් 90ත් – 100ත් අතර මිලකට අලෙවි විය.

කන්ද උඩරට ප්‍රදේශවලින් ලැබෙන කැරට් කිලෝවක් ඊයේ (03) දහවල් වන විට රුපියල් 60 සිට 100 දක්වා වූ මිල ගණන් යටතේ අලෙවි වීම විශේෂත්වයකි.

ඒ අනුව ලීක්ස් කිලෝවක් රුපියල් 100ත් – 120ත් අතර මිලකට අලෙවි විය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පොල් ගෙඩියක තොග මිල රුපියල් 150කට අලෙවි වනු දැක ගැනීමට හැකි විය. එම පොල් සිල්ලර වෙළෙඳපොළේ එක ගෙඩියක් රුපියල් 180කට අලෙවි වීම විශේෂත්වයකි.

 

සීගිරිය විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT