දුප්පත් හා අන්ත දිළිඳු සමාජ කාණ්ඩ සඳහා දැනට ගෙවනු ලබන මාසික ප්‍රතිලාභ දීමනාව රුපියල් 8,500 සිට රුපියල් 10,000 දක්වාත් රුපියල් 15,000 සිට රුපියල් 17,500 දක්වාත් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව සංශෝධිත අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය පාර්ලිමේන්තුව මඟින් අනුමත කරනු ලබන දින සිට ක්‍රියාත්මක කිරීමට අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (03) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. සංක්‍රාන්තික සමාජ කාණ්ඩය සඳහා ප්‍රතිලාභ ගෙවන කාලසීමාව 2025‑03‑31 වැනි දින දක්වා වලංගු වන සේ දීර්ඝ කිරීමටත් අවදානමට ලක් වූ සමාජ කාණ්ඩය සඳහා ප්‍රතිලාභ ගෙවන කාලසීමාව 2025‑12‑31 වැනි දින දක්වා වලංගු වන සේ දීර්ඝ කිරීමටත් අනුමැතිය හිමි වූ බව ඒ මහතා කියා සිටියේය. අස්වැසුම සුබසාධක ගෙවීම් යෝජනා ක්‍රමය 2023‑07‑01 වැනි දින සිට ක්‍රියාත්මක කර ඇති අතර, අංක 2384/30 දරන අති විශේෂ ගැසට් නිවේදනය මඟින් නැවත සංශෝධනය කර 2024‑07‑01 වැනි දින සිට ක්‍රියාත්මක කර තිබේ.
මෙම යෝජනා ක්‍රමය යටතේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභි පවුල් සඳහා කාණ්ඩ 04ක් යටතේ ප්‍රතිලාභ හිමිගැන්වෙන අතර ආර්ථික අර්බුදයේ බලපෑම සම්පූර්ණයෙන් පහව ගොස් නැති බැවින්, සංක්‍රාන්තික සහ අවදානමට ලක් වූ කාණ්ඩවලට අදාළව පළමු වටයට තේරී ඇති පවුල් සහ තෝරා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති දෙවන වටයේ අයදුම්පත්වලට අදාළව තෝරාගනු ලබන පවුල් සඳහා තවදුරටත් කෙටි කාලයකට සහන සැලසීමේ අවශ්‍යතාව පෙනී ගොස් ඇත.
එමෙන්ම වත්මන් ජීවන වියදම සැලකූ විට දැනට ලබා දෙනු ලබන මුදල ප්‍රමාණවත් නොවන බවට ද කරුණු ඉදිරිපත්ව තිබේ.
ඒ අනුව, දැනට බලපවත්නා අස්වැසුම සුබසාධක ගෙවීම් යෝජනා ක්‍රමය පහත සඳහන් පරිදි සංශෝධනය කිරීමට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
නුවන් කොඩිකාර