46
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කරන ලද බව කථානායක අශෝක රංවල මහතා විසින් සභාවට ඊයේ (03) දැනුම් දෙනු ලැබීය. කරුණාතිලක මහතා පැවති මහමැතිවරණයෙන් මනාප ඡන්ද 36,093ක් ලබා මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් විය. ඔහුට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු සුබපැතුම් එක් කරන අයුරු ද දක්නට ලැබිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා මීට පෙර ද විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කර ඇත.
ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න