58
රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධව විපක්ෂයට චෝදනා කරමින් දකුණු කොරියානු ජනාධිපතිවරයා රට තුළ හදිසි යුද නීතියක් (මාෂල් ලෝ) ප්‍රකාශයට පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට යුද නීතිය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ නිදහස් සහ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ගොඩ නැඟීමට බවත් දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් ප්‍රකාශ කළ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජන සහ රාජ්‍ය විරෝධී පාර්ශ්ව තුරන් කිරීමට හදිසි යුද නීතිය ප්‍රකාශ කරන බව ජනාධිපතිවරයා සජීවි රූපවාහිනි දේශනයකදී සඳහන් කර ඇතැයි වාර්තා වේ.