Sunday, May 11, 2025
Home » විදුලි සැර වැදී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

විදුලි සැර වැදී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

by chanaka
December 4, 2024 9:23 am 0 comment

කිරිඳිවැල පොලිස් වසමේ කැන්දලන්ද ප්‍රදේශයේ කුකුළු ගොවිපලක සේවය කෙරූ පුද්ගලයෙක් විදුලි සැර වැදී මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 48ක් වන කැන්දලන්ද, බුලත්වැල්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය පුද්ගලයා ඊයේ (03) කුකුළු ගොවිපල පවිත්‍ර කිරීමේදී ගොවිපලට අදින ලද විදුලි රැහැනකින් විදුලි සැර වැදීමෙන් මියගොස් ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කිරිඳිවැල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT