172
කිරිඳිවැල පොලිස් වසමේ කැන්දලන්ද ප්රදේශයේ කුකුළු ගොවිපලක සේවය කෙරූ පුද්ගලයෙක් විදුලි සැර වැදී මියගොස් ඇති බව පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 48ක් වන කැන්දලන්ද, බුලත්වැල්දෙනිය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මියගිය පුද්ගලයා ඊයේ (03) කුකුළු ගොවිපල පවිත්ර කිරීමේදී ගොවිපලට අදින ලද විදුලි රැහැනකින් විදුලි සැර වැදීමෙන් මියගොස් ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කිරිඳිවැල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.