බලයට පැමිණීමට පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව පැවසූ වත්මන් ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගි කර ගනිමින් මාධ්‍ය මර්දනයේ නිරත වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (03) ප්‍රකාශ කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයට ඊයේ (03) එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.
ආණ්ඩුවට විශාල ජනවරමක් ලබා ගැනීමට සමාජ මාධ්‍ය උපකාරී වුණා. බලයට පැමිණි පසු අදාළ පනත උපයෝගී කරගනිමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මර්දනය කිරීමට දරන උත්සාහය අසාධාරණයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගි කරගෙන මාධ්‍ය දඩයමක නිරත වීම මේක සාධාරණද? මේ තරම් විශාල ජනවරමක් ලබා ගැනීමේදී සමාජ මාධ්‍ය ක්ෂේත්‍රෙය් විශාල සහයෝගයක් ඔබට ලැබුණා. නමුත් මේ මොහොත වන විට ඉවත් කරනවායි කියපු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගි කරගෙන මේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ව දඩයම් කරනවා. අපි යෝජනා කරනවා කියන දේ කරනවා නම් මේ මර්දනය නතර කරන්න.
අපේ ප්‍රතිපත්තිය වන්නේ රටට සුබවාදී, රටටත් ජනතාවටත් ශක්තිය එකතු කරන වැඩසටහන්වලට පුර්ණ සහයෝගය ලබාදීමටත්, රටට අහිතකර ක්‍රියාදාමයන්වලට විරුද්ධ වී අඩුපාඩුකම් ඇත්නම් ඒවා පෙන්වා දී ඒ වෙනුවෙන් විකල්ප වැඩසටහන් ඉදිරිපත් කිරීමයි. ආණ්ඩුව මැතිවරණ වේදිකාවල කියපු දේ සහ වර්තමානයේ ක්‍රියාත්මක වන ක්‍රියාදාමයන් අතර තිබෙන පරතරය පිළිබඳව සඳහන් කරන්න මා කැමතියි.
අපිට අහන්නට ලැබුණා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහමුලින්ම ඉවත් කරනවා කියලා. නමුත් මේ වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගෙන භාෂණයේ නිදහස, මාධ්‍ය නිදහස, පුරවැසි නිදහස අහිමි කරලා තිබෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගෙන මාධ්‍ය දඩයමක නිරතවීම සාධාරණද? මේ තරම් විශාල ජනවරමක් ලබා ගැනීමේදී සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ විශාල සහයෝගයක් වර්තමාන ආණ්ඩුවට ලැබුණා. නමුත් මේ මොහොත වනවිට ඉවත් කරන බව කියූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගි කර ගෙන සමාජ මාධ්‍යවල ක්‍රියාකාරීන් දඩයම් කරනවා. අපි යෝජනා කරනවා කියන දේ කරනවා නම් මේ මර්දනය නතර කරන්න කියලා.