Home » නවසීලන්ත සංචාරය හේතුවෙන් ලංකා ටී10 ක්‍රිකට් දිනක් ඉදිරියට

නවසීලන්ත සංචාරය හේතුවෙන් ලංකා ටී10 ක්‍රිකට් දිනක් ඉදිරියට

-ජගත් ක්‍රිකට් තරු 36ක් මේ 7 දා සිට ශ්‍රී ලංකාවට

by sachintha
December 4, 2024 2:41 am 0 comment

ශ්‍රී ලංකාවේදී පළමු වතාවට ක්‍රියාත්මක ලංකා ටී10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ මස 11 වැනිදා සිට 19 වැනිදා දක්වා පැවැත්වේ. ශ්‍රී ලංකා පිලේ නවසීලන්ත සංචාරය වෙනුවෙන් ක්‍රීඩකයන් පිටත්වීම හේතුකොටගෙන තරගාවලිය දිනක් ඉදිරියට ගැනීමට තරග සංවිධායකයෝ තීරණය කර ඇත. කලින් මේ තරගාවලිය මේ මස 12 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබුණද, නවතම තත්ත්වය හමුවේ තරග කාලසටහන සංශෝධනය කෙරිණි.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 6ට විදෙස් රටවලින් ජාත්‍යන්තර ක්‍රිකට් තරු 36ක් සහභාගිවන අතර, ඔවුන්ගේ පැමිණීම මේ 7 වැනිදා සිට සිදු වේ.

කලම්බු ජැගුවර්ස්, ගෝල් මාවල්ස්, හම්බන්තොට බංග්ලා ටයිගර්ස්, ජැෆ්නා ටයිටෑන්ස්, කැන්ඩි බෝල්ට්ස් හා නුවරඑළිය කිංග්ස් තරගාවලිය නියෝජනය කරනු ලබන කණ්ඩායම් 6 වෙති. සෑම කණ්ඩායමක්ම උපරිම වශයෙන් ක්‍රීඩකයන් 17 දෙනෙකුගෙන් යුත් සංචිතයක් පවත්වාගත යුතු වන අතර එහි අවම ක්‍රීඩකයන් ගණන 15කි. එම පිරිසට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් 7 දෙනකුද ඇතුළත් විය යුතුය.

එක් දිනෙක පස්වරු 4ට, 6.15ට හා රාත්‍රී 8. 30ට ආදී වශයෙන් තරග 3ක් පැවැත්වෙන අතර, මේ 18 වැනිදා අවසන් වටයේ තරග හා 19 වැනිදා පස්වරු 5. 30ට අවසන් මහා තරගය පැවැත්වේ.

ප්‍රින්ස් ගුණසෙකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT