Home » බ්‍රැඩ්මන්ගේ තොප්පිය රු. කෝටි 14කට විකිණෙයි

බ්‍රැඩ්මන්ගේ තොප්පිය රු. කෝටි 14කට විකිණෙයි

by sachintha
December 4, 2024 2:03 am 0 comment

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම පිතිකරුවා ලෙස සැල‍කෙන ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් පැලඳ සිටි Baggy Green කැප් තොප්පිය අමෙරිකානු ඩොලර් 479700ක මුදලකට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 14කට) අලෙවි වෙයි.

බ්‍රැඩ්මන් පැලඳ සිටි තොප්පිය ඊයේ සිඩ්නිහි බොන්හැම්ස් වෙන්දේසි ආයතනයේ ප්‍රදර්ශනයට තබා වෙන්දේසි කෙරිණි. Baggy Green කැප් තොප්පිය 1947- 48 තරග වාරයේදී ඉන්දියාවට එරෙහි තරගාවලියේදී බ්‍රැඩ්මන් විසින් පැලඳ සිටි එකක් වන අතර, එය ඉන්දීය ක්‍රිකට් පිලේ පළමු විදේශ සංචාරය විය.

එබැවින් එම සංචාරය ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයට වැදගත් වන අතර, ඔස්ට්‍රේලියාවටද අමතක නොවන එකකි. එම තරග වාරයේදී බ්‍රැඩ්මන් ඉනිම හයක් තුළ ශතක 3ක් සහ ද්විත්ව ශතකයක් ඇතුළුව ලකුණු 715ක් රැස් කළේ වෙන්දේසියට නියමවූ කැප් තොප්පිය පැලඳීමෙනි.

බ්‍රැඩ්මන්ගේ Baggy Green කැප් තොප්පි වෙන්දේසියට තැබූ පළමු අවස්ථාව මෙය නොවන අතර, 1928දී ඔහු පැලඳි මංගල කැප් තොප්පිය 2020 දී අමෙරිකානු ඩොලර් 290,000කට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 8ක් පමණ) වෙන්දේසි විය.

මෙයට පෙර ඔස්ට්‍රේලියාවේ හිටපු දඟ පන්දු ක්‍රීඩක ෂේන් වෝන්ගේ කොළ පැහැයෙන් යුක්ත ඔහුගේ ක්‍රිකට් දිවියේ මංගල තොප්පිය අමෙරිකානු ඩොලර් 650,000කට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 19ක් පමණ) වෙන්දේසි වූවේය. එම මුදල ඕස්ට්‍රේලියානු ලැව්ගින්නෙන් විපතට පත්වූවන්ට උපකාර කිරීම සඳහා යෙදවුණි.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT