61
කායවර්ධන වෘත්තීය මට්ටමේ ක්‍රීඩිකාවන් සහභාගිවූ ප්‍රෝ ලීග් තරගාවලියේ මීටර් 168ට වඩා උස කාණ්ඩයේ කාන්තා ෆිෂික්ස් අංශයෙන් තරග කොට රිදී පදක්කමක් හිමිකරගත් තාරකා සඳරේණු පෙරේරා කටුනායක ගුවන්තොටුපොළෙන් මෙරටට පැමිණියාය. මේ තරගාවලිය පසුගියදා කායවර්ධන ක්‍රීඩිකාවන් 400කගේ පමණ සහභාගිත්වයෙන් තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්විණි.
රණවිරු දියණියක වන කළුතර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තාරකා සඳරේණුගේ මේ ජයග්‍රහණයත් සමඟ ඇයට අමෙරිකා එක්සත් ජනපදයේ පවත්වන ‘ඔලිම්පියා’ ජාත්‍යන්තර කායවර්ධන ශූරතාවලියට සහභාගි වීමේ අවස්ථාව ද හිමිවී තිබේ. ඇය 2022 වසරේ පැවති ජාතික ආධුනික කායවර්ධන ශූරතාවලියේදී ජාතික ශූරිය බවට පත්වූවාය.
කටුනායක – ටී.කේ.ජී. කපිල