මෙරට බැඩ්මින්ටන් තරග බිමේ විශිෂ්ටතම යුගල ක්‍රීඩිකාවන් වන හසිනි අම්බලන්ගොඩගේ සහ හසාරා විජේරත්න දකුණු අප්‍රිකානු ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේ කාන්තා යුගල රිදී පදක්කම දිනා ගැනීමට සමත්වූහ.
දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවර පසුගියදා පැවති එම තරගාවලියේ අවසන් මහා තරගයේදී එරට ප්‍රබලතම ක්‍රීඩිකා යුගලය වන ඇමී ඒකර්මන් සහ ඩයිඩ්‍රි ලොරෙන්ස් හමුවේ ලකුණු 21-14ක් සහ 21-14ක් ලෙස පරාජයට පත්වූවද, සිය අප්‍රිකානු කලාපයේ දීර්ඝ සංචාරයේ සහභාගි වූ තරගාවලි ත්‍රිත්වයේදීම ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දීමට ඔවුහු සමත්වූහ.
එම තරග සංචාරයේ පළමු තරගාවලිය ලෙස පැවති සැම්බියානු ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේ කාන්තා යුගල රිදී පදක්කම දිනාගත් හසිනි සහ හසාරා අනතුරුව ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියක ශ්‍රී ලංකාව වෙනුවෙන් කාන්තා යුගල රන් පදක්කම දිනූ පළමු අවස්ථාව ඉතිහාසගත කරමින් බොට්ස්වානාහි පැවති තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට සමත්වූ අතර, එහිදී ඔවුන් හමුවේ පරාජයට පත්වූයේ මෙවර දකුණු අප්‍රිකාවේදී කාන්තා යුගල රන් පදක්කම දිනා ගත් ක්‍රීඩිකාවන් දෙදෙනාය.
ෆවුස් මොහොමඩ්