Tuesday, May 6, 2025
Home » ඉන්දි­යා­නු­වාගේ ගුරු­ත­ලාවේ ප්‍රේම­යට වීසා හරස් වෙයි

ඉන්දි­යා­නු­වාගේ ගුරු­ත­ලාවේ ප්‍රේම­යට වීසා හරස් වෙයි

by Gayan Abeykoon
December 5, 2024 1:00 am 0 comment

සොර­ණා­තොට සමූහ - සී. ගමගේ

වීසා නැතිව වැලි­මඩ ගුරු­ත­ලාව පූනා­වල අලු­ගොල්ල ප්‍රදේ­ශයේ නිවෙ­සක සැඟව සිටි ඉන්දීය ජාති­ක­යකු ඊයේ (4) අත්අ­ඩං­ගු­වට ගත් බව බෝග­හ­කු­ඹුර පොලී­සිය පව­සයි.

මෙසේ අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ ගුරු­ත­ලාව පූනා­වල අලු­ගොල්ල ප්‍රදේ­ශයේ කුලී නිවෙ­සක රැඳී සිටි තමි­ල්නාඩු තෙරු­න­ල්වෙලි කාලිංග පට්ටි වේද­මු­ත්තු­න­ගර් ප්‍රදේ­ශයේ පදිංචි 29 හැවි­රිදි ඉන්දි­යානු ජාති­ක­යකු බව පොලී­සිය කියයි.

මොහු විදේශ රැකි­යා­වක නිර­තව සිටි­යදී වැලි­මඩ ගුරු­ත­ලාව ප්‍රදේ­ශයේ පදිංචි කාන්තා­වක දැන හඳු­නා­ගෙන ප්‍රේම සබ­ඳ­තා­වක් පව­ත්වා­ගෙන ගොස් ඇති බවට කරුණු හෙළි වූ බව පොලී­සිය සඳ­හන් කළේය. පසුව මොහු 2023 වසරේ දෙසැ­ම්බර් 11 දින ශ්‍රී ලංකා­වට පැමිණ මේ කාන්තාව සමඟ වැලි­මඩ ගුරු­ත­ලාව පූනා­වල අලු­ගොල්ල ප්‍රදේ­ශයේ තාව­කා­ලික කුලී නිවෙ­සක නතර වී සිටි­යදී ලද තොර­තු­රක් මත වීසා නැතිව හොර රහසේ මෙරට සැඟවී සිටි සැක­කරු අත්අ­ඩං­ගු­වට ගත් බවද පොලී­සිය පැව­සීය.

බණ්ඩා­ර­වෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි ප්‍රදීප් කළු­ප­හන, පොලිස් අධි­කාරි ඩී.බී.එච්. කල­ණ­සිරි සහ­කාර පොලිස් අධි­කාරි ප්‍රදීප් කුමාර යන මහ­ත්ව­රුන්ගේ උප­දෙස් මත බෝග­හ­කු­ඹුර පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරි­ක්ෂක ඩී.ආර්.එන්.ආර්. බණ්ඩාර මහතා ඇතුළු නිල­ධා­රීහු වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT