Home » රංගාගේ අත්සන් සාම්පල 40ක් රස පරී­ක්ෂ­කට
සුජීව සේන­සිං­හගේ වී8 සිද්ධිය:

රංගාගේ අත්සන් සාම්පල 40ක් රස පරී­ක්ෂ­කට

by Gayan Abeykoon
December 5, 2024 1:00 am 0 comment

බණ්ඩා­ර­ගම - බිමල් ජය­සිංහ

අධි­ක­රණ කට­යුතු පිළි­බඳ හිටපු නියෝජ්‍ය ඇමැ­ති­ව­ර­යකු මෙන්ම සමඟි ජන බල­වේ­ගයේ ජාතික සංවි­ධා­යක සුජීව සේන­සිංහ මහ­තාට අයත් වී 8 වර්ගයේ මෝටර් රථය සම්බ­න්ධ­යෙන් සිදු කරන විම­ර්ශ­න­ව­ලට අදා­ළව හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහ­තා­ගෙන් අත්සන් සාම්පල් 40කට ආසන්න ප්‍රමා­ණ­යක් පෙරේදා (3) ලබා­ගත් බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරයි.

එම අත්සන් සාම්පල රජයේ රස පරී­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුවේ සැක­ක­ට­යුතු ලේඛන පරී­ක්ෂ­ක­ව­රයා වෙත සඳහා යොමු කිරී­මට නිය­මිත ඇතැ­යිද දැන­ග­න්නට ඇත.

හිටපු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහ­තා­ගෙන් එදින පැය 4කට ආසන්න කාල­යක් ප්‍රශ්න කර ප්‍රකාශ සට­හන් කර­ගැ­නී­ම­ටද කට­යුතු කර තිබිණි.

අදාළ මෝටර් ලියා­ප­දිංචි කිරීම සඳහා පාර්ලි­මේන්තු මන්ත්‍රී සුජීව සේන­සිංහ මහතා මෝටර් රථ ලියා­ප­දිංචි කිරීමේ දෙපා­ර්ත­මේ­න්තුව වෙත ඉදි­රි­පත් කරන ලද පැව­රුම් ලේඛ­නයේ (එම්ටිඒ-6 ෆෝර­මයේ) ඇත්තේ තමාගේ අත්සන නොවන බවට මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

අදාළ වී 8 මෝටර් රථය එහි වත්මන් ලියා­ප­දිං­චි­කරු වන සුජීව සේන­සිංහ මහතා වෙත මිලි­යන 100ක බැඳු­ම්ක­ර­යක් මත ඉකුත් 25 දින කොටුව මහේ­ස්ත්‍රාත් තනූජා ලක්මාලි මහ­ත්මි­යගේ නියෝග මත මුදා­හැ­රිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT