අධිකරණ කටයුතු පිළිබඳ හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු මෙන්ම සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක සුජීව සේනසිංහ මහතාට අයත් වී 8 වර්ගයේ මෝටර් රථය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතාගෙන් අත්සන් සාම්පල් 40කට ආසන්න ප්‍රමාණයක් පෙරේදා (3) ලබාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම අත්සන් සාම්පල රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සැකකටයුතු ලේඛන පරීක්ෂකවරයා වෙත සඳහා යොමු කිරීමට නියමිත ඇතැයිද දැනගන්නට ඇත.
හිටපු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතාගෙන් එදින පැය 4කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගැනීමටද කටයුතු කර තිබිණි.
අදාළ මෝටර් ලියාපදිංචි කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද පැවරුම් ලේඛනයේ (එම්ටිඒ-6 ෆෝරමයේ) ඇත්තේ තමාගේ අත්සන නොවන බවට මීට පෙර ප්‍රකාශ කර තිබිණි.
අදාළ වී 8 මෝටර් රථය එහි වත්මන් ලියාපදිංචිකරු වන සුජීව සේනසිංහ මහතා වෙත මිලියන 100ක බැඳුම්කරයක් මත ඉකුත් 25 දින කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මියගේ නියෝග මත මුදාහැරිණි.