29
විදේශයකින් මෙරටට ආනයනය කර තිබුණු භාණ්ඩ තොගයක් අතර තිබී කුෂ් කිලෝ 2යි ග්‍රෑම් 105ක් අඩංගු පාර්සලයක් වීරඹුගෙදර පිහිටි ශ්‍රී ලංකා රේගු පාර්සල් පරීක්ෂා කිරීමේ අංගණයේ තිබී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් විසින් පෙරේදා (03) සොයාගෙන ඇත. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මහනුවර ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින් මේ මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබේ. මේ මත්ද්‍රව්‍ය පාර්සලය ආනයනය කළ පුද්ගලයා හඳුනාගෙන ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්වෙන බව පොලීසිය කියයි. මත්ද්‍රව්‍ය තොගය වීරඹුගෙදර පොලිස් ස්ථානයට භාර දුන් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කරයි.