Home » රුධිර පරී­ක්ෂා­ව­කට අනු­මත මිලට වඩා මුදල් අරන් හැටන් පෞද්ග­ලික රෝහ­ලක බල­ධා­රීන්ට ලක්ෂ පහක දඩ­යක්

රුධිර පරී­ක්ෂා­ව­කට අනු­මත මිලට වඩා මුදල් අරන් හැටන් පෞද්ග­ලික රෝහ­ලක බල­ධා­රීන්ට ලක්ෂ පහක දඩ­යක්

by Gayan Abeykoon
December 5, 2024 1:00 am 0 comment

හැටන් - රංජිත් රාජ­පක්ෂ

හැටන් නග­රයේ පිහිටි පෞද්ග­ලික රෝහ­ලක පූර්ණ රුධිර පරී­ක්ෂා­වක් කිරී­මට අනු­මත මුද­ලට වඩා වැඩි මුද­ලක් ලබා­ග­ත්තැයි කියන සිද්ධි­ය­කට වරද පිළි­ගත් එම රෝහලේ පාලන අධි­කා­රියේ නිල­ධා­රි­ය­කුට රුපි­යල් ලක්ෂ 5ක දඩ­යක් හැටන් දිසා විනි­සුරු සහ මහේ­ස්ත්‍රාත් එම්. ෆරු­ක්ඩීන් මහතා ඊයේ (04) නියම කළේය.

පූර්ණ රුධිර පරී­ක්ෂා­වක් කිරීම සඳහා රු 400ක මුද­ලක් නියම කර තිබි­යදී, එම රෝහලේ පාලන අධි­කා­රිය රෝගී­න්ගෙන් රු 600ක මුද­ලක් අය කරන බවට රෝගී­න්ගෙන් ලද පැමි­ණිලි කිහි­ප­යක් මත නුව­ර­එ­ළිය දිස්ත්‍රික් පාරි­භෝ­ගික සේවා අධි­කාරි කාර්යා­ලයේ දිස්ත්‍රික් ප්‍රධානි අමිල රත්නා­යක මහතා එම පෞද්ග­ලික රෝහ­ලට එරෙ­හිව නඩු පවරා තිබිණී.

ඒ අනුව එම සිද්ධි­යට අදා­ළව වරද පිළි­ගත් අදාළ පෞද්ග­ලික රෝහලේ පාලන අධි­කා­රි­යට එම දඩ මුදල නියම කෙරිණි.

මෙවැනි අසා­ධා­රණ මුදල් අය කිරීම් සම්බ­න්ධ­යෙන් ලැබෙන පැමි­ණිලි පිළි­බ­ඳව දිස්ත්‍රි­ක්කය පුරා අඛ­ණ්ඩව විම­ර්ශන සිදු කර නෛතික පිය­වර ගැනී­මට කට­යුතු කරන බව ද අමිල රත්නා­යක මහතා පැව­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT